දරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු එළියට

Report

දෙහිවල, සිරිසඟබෝ මාවතේ නිවසකට ඉකුත් 11 වැනිදා අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ද පොලීසිය සඳහන් කළේය.

“නඩු ගැන කියලා මන්ත්‍රීවරු බය කරලා සල්ලි ඉල්ලනවලු” - ජගත් විතානගෙන් චෝදනාවක්

“නඩු ගැන කියලා මන්ත්‍රීවරු බය කරලා සල්ලි ඉල්ලනවලු” - ජගත් විතානගෙන් චෝදනාවක්

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වූ විමර්ශනවලදී, ප්‍රහාරයට පැමිණි ත්‍රීරෝද රථයේ වර්ණය වෙනස් කිරීමට ගරාජයකට ලබාදුන් සැකකරුවෙකු සහ අදාළ ගරාජයේ හිමිකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම ප්‍රහාරය සංවිධානාත්මක අපරාධකරුවන් වන 'කොස්මල්ලි' සහ 'බෝදියාවත්තේ අවිශ්ක' යන අයගේ උපදෙස් මත මෙහෙයවා ඇති බවයි.

රාජ්‍ය සේවයට නිළධාරීන් 120,000ක් බඳවාගැනීම් - ආයේ මන්ත්‍රීගේ ඇමතිගේ උදව්වෙන් රාජ්‍ය සේවයට බැදුණු කාලේ ඉවරයි - විභාග හා සම්මුඛ පරීක්ෂණ සුදුසුකම් මත රැකියා

රාජ්‍ය සේවයට නිළධාරීන් 120,000ක් බඳවාගැනීම් - ආයේ මන්ත්‍රීගේ ඇමතිගේ උදව්වෙන් රාජ්‍ය සේවයට බැදුණු කාලේ ඉවරයි - විභාග හා සම්මුඛ පරීක්ෂණ සුදුසුකම් මත රැකියා

මේ අතර, බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන කොස්මල්ලි නමැත්තාගේ මාමා සොයා ද පොලිස් කණ්ඩායම් කිහිපයක් පූර්ණ විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම අවාසනාවන්ත ප්‍රහාරයෙන් මියගිය දරුවන් දෙදෙනාගේ පියාගේ පාදයකට බරපතළ තුවාල සිදුවීම නිසා එය ඉවත් කිරීමට සිදුවූ අතර, මියගිය දරුවන්ගේ අවසන් කටයුතු ඊයේ (14) පස්වරුවේ සිදුකරන ලදී.