නෞකාවක් ගැටී දෙදෙනෙක් මරුට
යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් කපිතාන්වරයාගේ පාලනයෙන් ගිලිහීගිය මෙක්සිකෝ රාජ්‍යයට අයත් පුහුණු නෞකාවක් ඉකුත් සෙනසුරාදා දිනයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ පිහිටි ඓතිහාසික බෘක්ලින් පාලමට කඩාවැදීම හේතුවෙන් නෞකාවේ ගමන් ගත් කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් 22 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
නිව්යෝක් වැසියන් කම්පනයට හා විමතියට පත් කරමින් වසර 142ක් පැරණි ඓතිහාසික බෘක්ලින් පාලම වෙත කඩා වැදී ඇති මෙක්සිකෝ රාජ්‍යට අයත් නෞකාව නාවුක පුහුණුවක යෙදී සිටියදී පාලමෙහි යට කොටසෙහි ගැටී ඇති බව වාර්තා වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාව තුළ කාර්යමණ්ඩල සාමාජිකයන් 277 දෙනකු සිට ඇති බව ඇමරිකානු බලධාරීහු පවසති. මෙම අනතුරෙන් මියගිය දෙදෙනාම කැඩෙට් භටයන් බව වාර්තා වී තිබේ.
නෞකාව පාලමෙහි ගැටෙනාවත් සමගම විශාල ශබ්දයක් නිකුත්ව ඇති අතර බොහෝ දෙනා පවසා ඇත්තේ එම අනතුර චිත්‍රපටයක් සේ දිස්වූ බවයි.
