ඊශ්‍රායල ටැංකි දෙකකට දරුණු ප්‍රහාර - විනාශ හානියක්

Report

දකුණු ලෙබනනයේ මර්ජයුන් දිස්ත්‍රික්කයේ කන්ටාරා නගරය ආසන්නයේදී ඊශ්‍රායල සටන් ටැංකි දෙකක් ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කළ බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ අද දිනය තුළ පමණක් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ඊශ්‍රායල ටැංකි හතක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට තමන් සමත් වූ බවයි.

එමෙන්ම  හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කළ බව කියන මෙම ප්‍රහාර සහ ඉන් සිදු වූ හානි පිළිබඳව ඊශ්‍රායල හමුදාව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් හෝ තහවුරු කිරීමක් සිදු කර නොමැත.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ අතර, ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් සිය ගොඩබිම් ප්‍රහාර දැඩි කර ඇති බව වාර්තා වේ. ලිටානි ගංගාවට දකුණින් පිහිටි සමස්ත ප්‍රදේශයේම පාලනය තමන් සතු කර ගැනීම හමුදාවේ මූලික අරමුණ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායෙල් කැට්ස් (Israel Katz) ඊයේ ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය හමුවේ දකුණු ලෙබනන දේශසීමා ආශ්‍රිතව දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් තවදුරටත් දරුණු අතට හැරෙමින් පවතින අතර, කලාපීය ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව සිය දැඩි අවධානය යොමු කර ඇති බව සඳහන්.

වෙනිසියුලා හිටපු ජනාධිපති මදුරෝ අද නිව්යෝර්ක් අධිකරණයට

වෙනිසියුලා හිටපු ජනාධිපති මදුරෝ අද නිව්යෝර්ක් අධිකරණයට