මෙක්සිකෝවත් නොසන්සුන් වෙයි - කැරිබියන් මුහුද කළඹමින් මානුෂීය ආධාර රැගත් යාත්‍රා 2ක් අතුරුදහන්
By Kaushi
මෙක්සිකෝවේ සිට කියුබාව බලා ගමන් කරමින් තිබූ මානුෂීය ආධාර රැගත් යාත්‍රා දෙකක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ආහාර සහ වෛද්‍ය ආධාර රැගෙන යමින් තිබූ මෙම යාත්‍රා සමඟ පැවති සන්නිවේදන සබඳතා මේ වනවිට බිඳ වැටී ඇති බවට තොරතුරු වාර්තා වේ.
එමෙන්ම එම යාත්‍රා සොයා මෙක්සිකානු නාවික හමුදාව කැරිබියන් මුහුදේ සෝදිසි මෙහෙයුම් ද ආරම්භ කර ඇත.
අතුරුදන් ව ඇති මෙම යාත්‍රා ඉකුත් මාර්තු 20 වන දින මෙක්සිකානු ප්‍රාන්තයේ ක්වින්ටනා රූ හි ඉස්ලා මුජෙරස් සිට පිටත්ව ඇති අතර එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් නව දෙනෙකු සිටි බව වාර්තා වේ.