මාරක අනතුරින් විශාල පිරිසක් රෝහල් ගත කෙරේ (VIDEO) (UPDATE)

Sri Lanka Accident Sinhala news
By Akash Mar 22, 2025 02:00 PM GMT
Akash

Akash

Report

  අද පස්වරුවේ වරකාපොල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් මේවන විට වරකාපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කොළඹ - මහනුවර අතර ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මහනුවර - දෙහිවල සහ කල්මුණේ - කොළඹ බස් රථ දෙකක් මෙලෙස එකිනෙකට ගැටී අනතුරට ලක්ව ඇති බව සඳහන් වනවා.

කෙසේ වෙතත් අනතුරින් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් ද අනතුරට ලක්ව ඇති බවයි වරකාපොල පොලිසිය පැවසුවේ.

මේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවද පොලීසිය සඳහන් කළා.

------------------------------------

වරකාපොල ප්‍රදේශයේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් මේවන විට දිවයිනේ රෝහල් කිහිපයක් වෙත යොමු කර ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඒ අනුව කෑගල්ල රෝහලට පුද්ගලයන් 02ක්, කුරුණෑගල රෝහලට 03ක් සහ කොළඹ අක්ෂි රෝහල වෙත තවත් එක් පුද්ගලයෙකු යොමු කර ඇති බව එම ප්‍රකාශකවරයා කියා සිටියා.

ඇතැම් රෝගීන් තවදුරටත් පරික්ෂාවට ලක්කරමින් සිටින බව ද ඔහු කියා සිටියා. 

-------------------------------------

මාරක අනතුරක්. 35 රෝහලේ  (05.50 pm)

වරකාපොල පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ හැලගල ප්‍රදේශයේදී කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බස් රථ දෙකෙහි මගීන් 35 කු පමණ තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුලත් කර ඇත.

වරකාපොල පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.


ReeCha