හොරකම් කරපු ත්‍රීවීල් දහයකුත් එක්කම අයියා මලෝ මාට්ටු..

By Piyumika Aug 11, 2024 02:00 AM GMT
Report

මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සතියකට ත්‍රිරෝද රථ දහයකට අධික සංඛ්‍යාවක් කොල්ල කෑ බව පැවසෙන සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පැවසීය .

අද සවස එළියට යන අය මේ ගැන සූදානමින් යන්නැයි දැනුම්දීමක්..

අද සවස එළියට යන අය මේ ගැන සූදානමින් යන්නැයි දැනුම්දීමක්..

පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 22 හැවිරිදි සහ 24 හැවිරිදි නවගමුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක් බවයි.

  විමර්ශනවලදී අනාවරණය වී තිබෙනුයේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්දෙදෙනා අතුරුගිරිය, නවගමුව, කඩුවෙල,බියගම, දොම්පේ යන ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියැදුරන් බියගන්වා තියුණු ආයුධවලින් පහරදී මෙලෙස කොල්ලකෑම් සිදු කර ඇති බවයි .

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..

මට්ටක්කුලිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ සොරකම් කරන ලද බවට ලැබුණු පැමිණිලිමත විමර්ශන ආරම්භකළ පොලිසියට ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 21ක්, කොල්ලකන ලද ත්‍රිරෝද රථ දහයක්, ත්‍රිරෝද රථවල අමතර කොටස්, කොල්ල කෑ බවට සැකකෙරෙන අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන හයක්ද පොලිස් භාරයට ගෙන ඇත .