පවුල ගොඩ දාන්න රට රස්සාවක සිහින දකින ඔයා දැනගත යුතුම දේ..මෙවන් අයගෙන් පරිස්සම් වෙන්න..

Report

විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් සහ සැකකරුවෙකු කහතුඩුව, සියඹලාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කහතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ නිවසේ ඊයේ (16) සවස සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අදත් ප්‍රදේශ කිහිපයකටම මි.මී.75 ක පමණ තරමක තද වැසි..

අදත් ප්‍රදේශ කිහිපයකටම මි.මී.75 ක පමණ තරමක තද වැසි..

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 42 ක් වන අතර, සැකකරු වයස අවුරුදු 38 වන සියඹලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකාරිය සිංගප්පූරුව, හොංකොං, ඩුබායි සහ රුමේනියා යන රටවල සේවය කර 2022 වර්ෂයේ මෙරටට පැමිණ මෙම ප්‍රදේශයේ සැකකරු සමග පදිංචිව සිට ඇති බව සදහන් වේ.

මොවුන් විසින් වසර දෙකහමාරක පමණ කාලයක සිට විවිධ පුද්ගලයින්ට විදේශ රැකියා ලබා දෙන බවට පවසා එම පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍ර රාජගිරිය ප්‍රදේශයේදී මාර්ගයන් වල රැඳී සිටිමින් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

දීර්ඝ සතිඅන්ත නිවාඩුව ඉවරවෙලා හෙට වැඩට යන්න එන ඔයාට අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්..

දීර්ඝ සතිඅන්ත නිවාඩුව ඉවරවෙලා හෙට වැඩට යන්න එන ඔයාට අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්..

පසුව ඒජන්සි හරහා වීසා අයදුම් කර රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවන බව පවසා එම පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 02 -03 අතර මුදලක්ද ලබා ගෙන එම විදේශ ගමන් බලපත්‍ර ද මොවුන් සන්තකයේ තබා ගෙන තිබේ.

සැකකරුවන් පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20 ක් ද තිබී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Gallery