වහල මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්න - CEB ගෙන් හදිසි ඉල්ලීමක්

By R.rishma Nov 30, 2025 05:57 AM GMT
Report

දිවයිනේ ආපදා තත්ත්වය උත්සන්නව පවතින මේ මොහොතේදී, වහල මත සවිකර ඇති සූර්ය පැනල් හිමිකරුවන්ගෙන් ලංකා විදුලි බල මණ්ඩලය අද (30) පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල් ක්‍රියා විරහිත කිරීමට ඉල්ලීමක් කර ඇත.

මෙය ජාතික විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීම සඳහා ගන්නා තීරණාත්මක පියවරක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

අධික වර්ෂාපතනය, ගංවතුර සහ විදුලි බිඳවැටීම් හේතුවෙන් දිවයිනේ විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර, එමගින් ජාතික ග්‍රිඩ්හි අඩු ඉල්ලුම් තත්ත්වයක් ඇතිවී තිබේ. සූර්ය පැනල්වලින් ජනනය වන විදුලිය ග්‍රිඩ්හි අධික බරක් එකතු කිරීමෙන් සිදුවිය හැකි අස්ථාවරත්වයන් වළක්වා ගැනීම සඳහා මෙම ඉල්ලීම කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයකින් පැහැදිලි කර ඇත.

ආපදා විනාශයට පත් ස්ථාන නැරඹීමට එන්න එපා - පොලීසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ආපදා විනාශයට පත් ස්ථාන නැරඹීමට එන්න එපා - පොලීසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

"ඔබගේ සහයෝගයෙන් ජාතික විදුලි සැපයුමේ අඛණ්ඩත්වය සහ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අපට හැකිවනු ඇත"

යනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පවසයි.