ට්‍රම්ප් ලෝක අමාරුවේ - තුර්කියේ කාන්තාවක් ට්‍රම්ප් තම පියා බව කියා DNA පරීක්ෂණයක් ඉල්ලයි

Report

තුර්කියේ අන්කාරා නුවර වෙසෙන 55 හැවිරිදි කාන්තාවක් එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ජීව විද්‍යාත්මක පියා බව පවසමින් පීතෘත්ව නඩුවක් ගොනු කර ඇති අතර, එය ඔප්පු කිරීම සඳහා DNA (ජාන) පරීක්ෂණයක් ඉල්ලා සිටී.

මෙම කාන්තාව වන නෙක්ලා ඔස්මන් සැප්තැම්බර් 25 වැනිදා අන්කාරා පවුල් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබේ. කෙසේ වෙතත්, නඩුව වහාම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත්, ඇය තම අභියාචනය දිගටම කරගෙන ගොස් තිබේ.

ට්‍රම්ප් ලෝක අමාරුවේ - තුර්කියේ කාන්තාවක් ට්‍රම්ප් තම පියා බව කියා DNA පරීක්ෂණයක් ඉල්ලයි | Turkish Woman Claims Trump Is Her Fathe

නෙක්ලා පවසන්නේ තමන් 1970 දී උපත ලැබූ බවත්, ඇයව ඇති දැඩි කළ සති සහ ඩර්සන් ඔස්මන් යුවළගේ දියණිය ලෙස ලියාපදිංචි වී ඇති බවත්ය. එහෙත් පසුකාලීනව ඇයව හදා වඩා ගත් බවත්, සති ඇයට සත්‍යය හෙළි කළ බවත් ඇය කියා සිටී.

ඇයට අනුව, මෙම “ළදරු හුවමාරුව” 1970 දී තුර්කියේ රෝහලක සිදු වූ අතර, සති මළ දරු උපතක් ලබා ඇති බවත්, එම දිනයේම එම රෝහලේ දරු ප්‍රසූතියක් සිදු කළ ඇමරිකානු කාන්තාවක් තම දරුවා ඔස්මන් පවුලට ලබා දුන් බවත්ය. මෙම ඇමරිකානු කාන්තාව ට්‍රම්ප් සමඟ ඇති අනියම් සම්බන්ධය නිසා දරුවා ලබා දුන් බව නෙක්ලාගේ ප්‍රකාශයයි.

ට්‍රම්ප් ලෝක අමාරුවේ - තුර්කියේ කාන්තාවක් ට්‍රම්ප් තම පියා බව කියා DNA පරීක්ෂණයක් ඉල්ලයි | Turkish Woman Claims Trump Is Her Fathe

ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ජාන පරීක්ෂණයක් සිදු කිරීමට අවසර ලබා දෙන ලෙසයි. තුර්කි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නෙක්ලා පවසා ඇත්තේ, තමන්ට සත්‍යය දැන ගැනීමට අවශ්‍ය බවත්, ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් සමඟ තමන්ට සමානකම් ඇති බවත්ය.

මෙම නඩුව තුර්කියේ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය දිනා ඇති අතර, ට්‍රම්ප්ගේ පක්ෂයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. නෙක්ලාගේ චෝදනාවල සත්‍යතාව තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණයක් සිදු වුවහොත් එය ජාත්‍යන්තර මට්ටමේ සංවාදයක් ඇති කිරීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

රජයේ නිලධාරීන්ට රු. 15,000 දක්වා වැඩි දීමනාවක්

රජයේ නිලධාරීන්ට රු. 15,000 දක්වා වැඩි දීමනාවක්