පාසලේ වෙඩි ප්‍රහාරයක් - සිසුන් 16ක් තුවාල ලබයි
By Shehan
තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එම පාසලේම හිටපු සිසුවෙකු වන 18 හැවිරිදි තරුණයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.
ඔහු ‘ෂොට්ගන්’ වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් පාසල තුළ සිටි පිරිස ඉලක්ක කර අහඹු ලෙස වෙඩි තැබීම් සිදු කර ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීමෙන් අනතුරුව පාසල් ගොඩනැගිල්ල තුළ සැඟවී සිටි සැකකරු, පසුව එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලැබූ 16 දෙනා අතර ගුරුවරයෙකුද සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල බවද සඳහන් වේ.
ප්‍රහාරය සිදු කිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව බලධාරීහු පවසති.