ටියුෂන් ගුරුවරයකු සිසුවෙකුට කල දෙයක්...
දොළොස් හැවිරිදි සිසුවකුට බටයකින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැදවච්චිය, පූනෑව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක උපකාරක ඉංග්‍රීසි ගුරුවරයකු පූනෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස පහර දීම සිදුකර ඇත්තේ කඹරුපිටිය ප්‍රදේශයේ පදංචි 29 හැවිරිදි ගුරුවරයෙකි.
පසුගිය 15 වැනිදා මෙම අමතර පංතිය පූනෑව ප්‍රදේශයේදී පවත්වා ඇති අතර එහිදී පාඩමට ඇහුම්කම් නොදී සිටි 12 හැවිරිදි සිසුවාට මෙම ගුරුවරයා විසින් ප්ලාස්ටික් බටයකින් පහර දී ඉගැන්වීම් පිළිබඳ ඇහුම්කම් දෙන ලෙස දන්වා ඇත.
අනතුරුව උපකාරක පන්තිය නිමා වී සිසුවා නිවසට ගොස් තම දෙමාපියන් සමග ගුරුවරයා පහර දුන් බවත් ශරීරය රිදුම් දෙන බවත් පැවැසීම නිසා සිසුවා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇත.
ඒ අනුව සිසුවාගේ මව පුනෑව පොලිස්ථානයට පැමිණ පැමිණිල්ලක් සිදු කර තිබේ.
එම පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භ කර සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර නැවත මාර්තු 24 දින නඩුව කැඳවීමට නියමිතව ඇති බව පොලිසිය කියයි.
You may like this video
