වැව බලන්න ගිය සිගිත්තාගේයි මාමගෙයි අවාසනාවන්ත ඉරණම...

Sri Lanka Police Jaffna Sri Lanka Death
By Piyumika Feb 18, 2025 02:42 AM GMT
Piyumika

Piyumika

Report

යාපනය, සංගරත්තෙයි ප්‍රදේශයේ පිහිටි තීක්කිරායි වැව ආසන්නයේ වු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙකු හා දරුවාගේ මාමා ජීවිතක්ෂයට පත්ව ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පවසයි.

මුලතිව්,රෙඩ්බානා ප්‍රදේශයේ පදිංචි දරුවා, මව සමඟ මවගේ මහ ගෙදර පැමිණ ඇති අවස්ථාවේ දරුවාගේ මාමා, දරුවා සමඟ වැව බැලීමට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

නිවසක තිබිලා හමු වූ දේ..බුදු අම්මෝ මෙහෙම දෙයක් ඇති කියල නම් හිතන්නවත් නැතුව ඇති...

නිවසක තිබිලා හමු වූ දේ..බුදු අම්මෝ මෙහෙම දෙයක් ඇති කියල නම් හිතන්නවත් නැතුව ඇති...

මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් විශ්වමඩු රෙඩ්වාන ප්‍රදේශයේ පදිංචි තනූසන් ඩනුසන් නැමති තුන් හැවිරිදි දරුවෙකු සහ යාපනයේ වඩුක්කෝඩෙයි විද්‍යාල පාරේ පදිංචි පෙරුමාල් මහින්දන් නමැති 30 හැවිරිදි අයෙක්.

ඔවුන් යාපනයේ නෑ ගෙදරකට ගොස් සිටියදී මෙම දරුවා සිය මාමා සමග පාපැදියකින් තවත් නිවසක් වෙත ගොස් තිබෙනවා.

ඒ යන අතරවාරයේ ඔවුන් දෙදෙනා වැවක් අසල පිහිටි ළිඳක් ළඟ නැවතී ඇති අතර කෙසේ හෝ ඔවුන් දෙදෙනාම ළිදට වැටී ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙම සිදුවීම කිසිවෙකුත් දැක නොමැති අතර ශබ්දයක් ඇසී ළිඳ දෙසට ගොස් බලන විට ඔවුන් ජලය මත දගලමින් පාවෙමින් සිටිනු දුටු අයෙකු කෑ ගසා එතැනට පිරිසක් කැඳවා ගෙන ඔවුන් දෙදෙනාව ගොඩට ගෙන රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

තවත් බිහිසුණු ගුවන් යානා අනතුරක්...(VIDEO/PHOTO)

තවත් බිහිසුණු ගුවන් යානා අනතුරක්...(VIDEO/PHOTO)

යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඔවුන්ව ඇතුළත් කිරීමෙන් පසුව දරුවා ප්‍රථමයෙන් මියගොස් ඇති අතර මාමා පසුවයි මියගොස් ඇත්තේ.

ඔවුන් දෙදෙනාගේ ඇඳුම් සහ සෙරෙප්පු ළිඳට මදක් ඔබ්බෙන් ගලවා දමා තිබියදී හමු වී ඇති අතර, වඩුක්කෝඩෙයි පොලිසිය සැක කරන්නේ ඔවුන් දෙදෙනා නෑදෑ නිවසට යමින් සිටින අතරවාරයේ දිය නෑමට උත්සහ කිරීමේදී ඔවුන් දෙදෙනාම ළිඳට වැටෙන්නට ඇති බවයි.

මියගිය දෙදෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශික්ෂණ රෝහලේ තබා ඇති අතර, වඩුක්කෝඩෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

You may like this video

ReeCha