සුනාමි අනතුරු අඟවයි...පසු කම්පනත් ප්‍රබලයි (UPDATE)

Tsunami Sri Lanka Google Alerts Sinhala news
By Akash Mar 31, 2025 12:49 AM GMT
Akash

Akash

Report

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඊයේ(30) තවත් පසුකම්පන 3ක් සිදුව ඇතැයි වාර්තා වනවා. එම පසුකම්පන රික්ටර් මාපක 6.1ක්, 4.9ක් සහ 5.8ක් වශයෙන් වාර්තා වී ඇති බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර ඇත්තේ (USGS). එම පසුකම්පන ඇතිවීමට පැය කිහිපකට පෙර රික්ටර් මාපකයේ 7.0ක ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කළා.

එහි ප්‍රභලත්වය කිලෝමීටර් 29ක් ගැඹුරින් සිදු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

-------------------------

සුනාමි අනතුරු අඟවයි...ප‍්‍රබල භූමිකම්පාවක්..     


පැසිෆික් සාගරයේ ටොන්ගා දුපත අසල රික්ටර් මාපාංක ඒකක 7.1 ක භූමිකම්පාවක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

වර්ධනය වන තත්වයන් නිරීක්‍ෂණය කරමින් සිදුකරන යාවත්කාලීන කිරීම් ගැන අවාධානයෙන් සිටින ලෙස ද දැනුම් දෙයි.

පාස්කු ප‍්‍රහාරය ගැන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... අප්‍රේල් 21වෙනකල් ඉවසන්න (VIDEO)

පාස්කු ප‍්‍රහාරය ගැන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... අප්‍රේල් 21වෙනකල් ඉවසන්න (VIDEO)

මේ අතර මියන්මාරයට දැඩි බලපෑම් එල්ල කළ භූකම්පනය හටගත් ප්‍රදේශය ආසන්නයේ අද (30) තවත් භූකම්පනයක් සිදුව තිබේ.

මැන්ඩලේ ප්‍රදේශයට වයඹ දෙසින් කිලෝමීටර් 28ක් පමණ දුරින් වූ ප්‍රදේශයක හටගත් එම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පොලිසියෙන් දැනුම් දීමක්...

පොලිසියෙන් දැනුම් දීමක්...

පසුගිය 28 වනදා රිච්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතුව සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් අනතුරුව තවත් පසු කම්පන මාලාවක් ද ඒ ආශ්‍රිතව වාර්තා වී තිබුණි. එම භූකම්පනයෙන් මියන්මාරයේ පුද්ගලයින් 1700 දෙනෙකු මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

තවත් 300 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් සඳහන් කර ඇත.  


ReeCha