ලෝක ඉතිහාසයේ දරුණුම සුනාමිය 2023 වසරේ?..එක රැයකින් එංගලන්තයම විනාශ කළ හැකියි..දැවැන්ත න්‍යෂ්ටික ඩ්‍රෝන යානයක් උතුරු කොරියාව අත්හදා බලයි.(VIDEO/PHOTOS)
උතුරු කොරියාව විසින් සිය සතුරු නාවික යාත්‍රා සහ වරායන් විනාශ කිරීම සඳහා "සුනාමියක්" ඇති කළ හැකි න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බලා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය අද නිවේදනය කර සිටියා.
අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා වූ යුද අභ්‍යාසවලදී උතුරු කොරියානු හමුදාව විසින් මෙම නව ආයුධ පද්ධතිය යොදවා අත්හදා බලා ඇති බව සඳහන්.
නව න්‍යෂ්ටික ආයුද පද්ධතිය නිර්මාණය කිරීමේ මුලික අරමුණ වී ඇත්තේ දිය යට සිදුකරනු ලබන න්‍යෂ්ටික ඩ්‍රෝන පිපිරවීමක් හරහා විනාශකාරී සුනාමි තත්ත්වයක් ඇති කිරීම බවයි උතුරු කොරියානු KCNA ප්‍රවෘත්ති ඒජන්සිය නිවේදනය කර සිටින්නේ.
මෙම න්‍යෂ්ටික දිය යට ප්‍රහාරක ඩ්‍රෝන යානය ඕනෑම වෙරළ තීරයක සහ වරායක සිට ක්‍රියාත්මක කළ හැකි අතර, අවශ්‍ය වුවහොත් මෙහෙයුම් සඳහා නෞකාවකින් රැගෙන යා හැකි" බවයි KCNA පුවත් ඒජන්සිය වාර්තා කර සිටියේ.
මෙම " න්‍යෂ්ටික අවිය" පසුගිය අඟහරුවාදා උතුරු කොරියාවේ දකුණු හැම්ජියොන් පළාතට ඔබ්බෙන් වූ මුහුදු කලාපයට රැගෙන ගොස් ඇති අතර ඊයේ දිනයේදී එය පරික්ෂා කර ඇති බව පුවත් ඒජන්සිය සඳහන් කර සිටියි.
උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ මධ්‍යම හමුදා විධානය විසින් "සැබෑ න්‍යෂ්ටික අර්බුදයක් ගැන සතුරා දැනුවත් කිරීමට සහ ආත්මාරක්ෂාව සඳහා න්‍යෂ්ටික බලයේ විශ්වසනීයත්වය තහවුරු කිරීම" උදෙසා එම යුද අභ්‍යාස සිදු කිරීම අණ ලබාදී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙම අභ්‍යාසය "පෞද්ගලිකව නිරීක්ෂණය" කරනු ලැබූ අතර එය අමෙරිකාවට සහ දකුණු කොරියාවට සිය අසීමිත න්‍යෂ්ටික යුද හැකියාව වැඩි වේගයකින් වැඩි දියුණු කර ඇති බව අවබෝධ කර ගැනීමට" සිදුකරන ලද අනතුරු ඇඟවීමක් විය යුතු බවට පවසා ඇත.
"අමෙරිකාව සහ දකුනු කොරියාව විසින් සිදුකරන යුද අභ්‍යාස අත්හිටුවන ලෙස උතුරු කොරියාව විසින් අනතුරු ඇඟවීම් කිහිපයක් පසුගියදා සිදුකර සිටියා.
මේ අතර පසුගිය බදාදා දිනයේදී උතුරු කොරියාව විසින් අවස්ථා ගණනාවකදී මිසයිල අත්හදා බැලීම් සිදුකරනු ලැබූ බවට දකුණු කොරියානු හමුදාව විසින් තහවුරු කර සිටියා.
මේ අතර රුසියාව සතුවද දැවැන්ත සුනාමියක් ඇති කළ හැකි න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යාන පවතින බවත්, එමගින් එංගලන්තය එක රැයකින් සුනාමියක් කෘතිමව ඇති කර විනාශ කර දැමිය හැකි බවද මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.
රුසියාව සතුව පවතින මෙම කෘතිමව සුනාමියක් ඇති කළ හැකි දැවැන්ත අවිය හිරෝසිමාවට එල්ල කළ පරමාණු බෝම්බය මෙන් සිය ගුණයක්(100) විශාල බවද තොරතුරු වාර්තා වේ.
ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය නිර්මාණය කළ ලෝකයේ විශාලතම න්‍යෂ්ටික බෝම්බව වගේ 15 ගුණයකින් විශාල බවද වාර්තා කරනවා.
රුසියාව සතුව මෙවැනි දැවැන්ත න්‍යෂ්ටික බෝම්බ 25ක් පවතින බවද පැවසේ.
ආාසන්නම දිනයක උතුරු කොරියාව විසින් සිදු කළ මෙම අත්හදා බැලීමත්,රුසියාව සතුව පවතින මෙම ප්‍රබල අවියත් හේතු කොටගෙන ඉදිරියේදී දැවැන්ත සුනාමි කෘතිමව ඇති කළ හැකි බවයි මේ සම්බන්ධව විචාරය කරන විශ්ලේෂකයින් පවසන්නේ.
මෙය නූතන මානවයාගේ විනාශයේ මුල විය හැකි බවද අනතුරු අඟවා ඇත.
මේ ගැන සියලු විස්තර පහත වීඩියෝවෙන් බලන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |




