බොරතෙල් බැරලයට ඩොලර් 286ක් ගෙවූ කතාවේ ඇත්ත නැත්ත එළියට..

Report

ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286ක් වැනි අතිශය ඉහළ මිලක් ගෙවා ඇතැයි පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරයි.

විදේශ මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින්, ඇතැම් සමාජ මාධ්‍යවල මෙම අසත්‍ය ප්‍රචාරය පැතිර ගොස් තිබූ අතර, එහිදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් එවැනි ප්‍රකාශයක් කළ බවද සඳහන් කර තිබුණි.

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුව ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුව ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

කෙසේවෙතත් CPC පවසන්නේ, එවැනි මිලකට බොරතෙල් මිලදී ගැනීමක් සිදුවී නොමැති බවත්, ශ්‍රී ලංකාව දැනට බොරතෙල් මිලදී ගන්නේ බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 71 සිට 113 අතර සාමාන්‍ය වෙළෙඳපොළ මිල පරාසයක බවත්ය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පසුගිය කාලයේ උච්චාවචනය වූවත්, මෙවැනි අතිශය ඉහළ මිලකට තෙල් මිලදී ගැනීමක් සිදුවී නොමැති බවද සංස්ථාව තහවුරු කරයි.

ඒ අනුව, සමාජ මාධ්‍යවල පැතිර යන මෙම පුවත සත්‍යයෙන් තොර බවත්, එය නොමග යවන තොරතුරක් බවත් බලධාරීහු අවධාරණය කරති.

ඉදිරියේදී එල්ල වීමට නියමිත මූල්‍ය පීඩනයට දැන්ම රැකියා දහසකට අධික සංඛ්‍යාවක් කප්පාදු කරන්න සැලැස්මක්

ඉදිරියේදී එල්ල වීමට නියමිත මූල්‍ය පීඩනයට දැන්ම රැකියා දහසකට අධික සංඛ්‍යාවක් කප්පාදු කරන්න සැලැස්මක්