ඊශ්‍රායලය, අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙක් බව ට්‍රම්ප් කියයි
ජනතාව ඊශ්‍රායලයට කැමති වුවත් නැතත්, ඔවුන් අමෙරිකාවේ ශ්‍රේෂ්ඨතම සගයෙකු බවට ඔප්පු කර ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළේ තම ටෲත් සෝෂල් (Truth Social) ගිණුමේ සටහනක් තබමින්ය.
ඊශ්‍රායලය ඉතා නිර්භීත, පක්ෂපාතී සහ බුද්ධිමත් රටක් බව අවධාරණය කළ ට්‍රම්ප්, අතීත යුද්ධවලදී සැබෑ දක්ෂතා පෙන්වූ අන්‍ය රටවලට වඩා ඊශ්‍රායලය දැඩි ලෙස සටන් කරන බවත්, ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි හොඳින් දන්නා බවත් පෙන්වා දෙයි.