ට්‍රම්ප් වියරු වැටෙයි - ඉරානයේ අතිශය සුරක්ෂිත භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයට පහර දෙන්න සැරසෙයි
ඉරානයේ 'පිකැක්ස්' (Pickaxe) කඳුකරයේ පිහිටි අතිශය සුරක්ෂිත භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඇමරිකානු හමුදා අඛණ්ඩව තෙවන දිනටත් ඉරානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කරන පසුබිමකයි.
ඊයේ පස්වරුවේ "ද හියු හෙවිට් ෂෝ" හි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, "පිකැක්ස් කන්ද යනු ප්‍රබල ප්‍රහාරයක් සඳහා සුදුසුම ඉලක්කයක්. අපි එම මධ්‍යස්ථානය විනාශ කරනවා. ඒ සඳහා සූදානම්ව සිටින ලෙස ඉරානයට දැනුම් දෙනවා," යනුවෙන්.
සෞදි අරාබියෙත් මහ විනාසයක් - වසර හතරක සටන් විරාමයකට ගිනි තියමින් ජාත්‍යන්තර ගුවන් තොටුපළකට හූති ප්‍රහාර
සැග්‍රොස් (Zagros) කඳු පන්තියේ, නටාන්ස් යුරේනියම් මධ්‍යස්ථානයට නුදුරින් පිහිටි මෙම 'පිකැක්ස්' මධ්‍යස්ථානය, ග්‍රැනයිට් පාෂාණ ස්ථරයට අඩි 2,000ක් පමණ ගැඹුරින් පිහිටි උමං සංකීර්ණ දෙකකින් සමන්විත අතර එහි යුරේනියම් නිස්සාරණය කිරීමේ පහසුකම් සහ තොග පවතින බවට සැක පළ කරයි.
එහෙත් එහි පවතින අධික ගැඹුර හේතුවෙන් ඇමරිකාව සතු ප්‍රබලතම බෝම්බවලට පවා එය විනිවිද යා හැකිද යන්න පිළිබඳව ආරක්ෂක විශේෂඥයන් සැක මතු කර ඇත.
මේ අතර ට්‍රම්ප්ගේ තර්ජනය පැමිණෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියේ එක්සත් ජනපද නාවික අවහිරය නැවත පනවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව ඇමරිකානු හමුදා ඉරානයට එරෙහිව නව ප්‍රහාර වටයක් දියත් කිරීමත් සමඟයි.
ඒ අනුව අපි අද රාත්‍රියේත් හෙටත් ඔවුන්ට ඉතා ප්‍රබල ලෙස පහර දෙනවා. එය වැළැක්වීමට ඔවුන්ට කිසිවක් කළ නොහැකියි," යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර ඇත.