ආයුධ බිම තබා යටත් වෙන්න නැත්නම් අනිවාර්යයෙන් මරනවා - ට්‍රම්ප් ඉරානේ සුන්නත් දුවිලි කරන්න සූදානම්

Report

ඇමරිකානු ජනාධිපති Donald Trump ඉරාන ආරක්ෂක අංශ සාමාජිකයන්ට විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. ඔහු සඳහන් කළේ, වහාම ආයුධ බිම තබා රටේ පාලනය වෙනස් කිරීම සඳහා සිදු වන උත්සාහයන්ට සහය දක්වන්න යන්නයි.

ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC), හමුදාව සහ පොලිස් නිලධාරීන්ට අනතුරු ඇඟවීම් ලබා දෙන බවයි.

ඔහුගේ ප්‍රකාශය අනුව,

“මම නැවත වතාවක් ඉල්ලා සිටින්නේ, වහාම ආයුධ බිම තබා ඔබේ මව්බිම නැවත අත්පත් කර ගැනීමට සහය දක්වන්න.ඔබ සටන් කළහොත් සිදුවන්නේ මිය යාමට පමණයි,”

යනුවෙන් පැහැදිලි කර තිබේ. එමෙන්ම ට්‍රම්ප්ට සහාය දක්වන සාමාජිකයන්ට පූර්ණ ආරක්ෂාව සහ නීතිමය මුක්තිය ලබා දෙන බව සහතික කරමින්, ඔවුන්ට ඇත්තේ විකල්ප දෙකක් බව ද අවධාරණය කළා.

පළමුවැන්න නම් සහාය දක්වමින් ආරක්ෂිතව සිටීම,සහ දෙවැන්න නම් සටන්කරන්නන් සමඟ එකතු වීමෙන් ස්ථිරවම මරණයට මුහුණ දීම යන්නයි.

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

   “ඔබට පූර්ණ ආරක්ෂාව සහිතව සිටිය හැකියි, නැතහොත් සහතික කළ මරණයට මුහුණ දීමට සිදුවේවි. මම එවැනි දෙයක් දකින්න කැමති නැහැ,”

යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඊට අමතරව, ලොව පුරා සිටින ඉරාන තානාපති නිලධාරීන්ගෙන් දේශපාලන සහය ලබා ගැනීමටත්, එම පියවර මඟින් ඇමරිකාව බලාපොරොත්තු වන “නව සහ යහපත් ඉරානයක්” ගොඩනැගීමට මාර්ගය සලසනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

ඉරානෙට විරුද්ධව ට්‍රම්ප් යුක්‍රේනයෙනුත් සහය ඉල්ලයි

ඉරානෙට විරුද්ධව ට්‍රම්ප් යුක්‍රේනයෙනුත් සහය ඉල්ලයි