ආර්ථික යුද්ධයක් ආරම්භයි? ග්‍රීන්ලන්තයට එරෙහි රටවලට ඇමරිකාව තීරුබදු

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට විරුද්ධව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරුබදු පැනවීමට සැලසුම් කර ඇති බව අනතුරු අඟවා තිබේ.

ඊයේ (16) ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ ඔහු, එම රටවල් කුමක්ද යන්න හෝ තීරුබදු ප්‍රතිපත්තියේ විස්තර කිසිවක් හෙළි කළේ නැත.

“ජාතික ආරක්ෂාව සඳහා අපට ග්‍රීන්ලන්තය අවශ්‍යයි. ඔවුන් එකඟ නොවුණොත්, මට එම රටවල් මත තීරුබදු පැනවිය හැකියි” යැයි ට්‍රම්ප් මහතා පැවසීය.

අවධානයෙන් ඉන්න! කුරුණෑගලෙන් ‘රත්තරං’ කෙනෙක් මතුවෙයි - අහුවුණොත් පොලිසියට දැනුම් දෙන්න

අවධානයෙන් ඉන්න! කුරුණෑගලෙන් ‘රත්තරං’ කෙනෙක් මතුවෙයි - අහුවුණොත් පොලිසියට දැනුම් දෙන්න

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම පහසු වුවත් අපහසු වුවත් එය සිදුකරන බව ඔහු පෙර අවස්ථා රැසකදී ප්‍රකාශ කර තිබුණි. එය අමෙරිකාවේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය බව ඔහුගේ ප්‍රධාන තර්කය වී ඇත.

උතුරු ඇමරිකාව හා ආක්ටික් කලාපය අතර පිහිටා ඇති එය මිසයිල ප්‍රහාරවලදී පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා ඉතා වැදගත් ස්ථානයකි. කලාපයේ යාත්‍රා හා නැව් ගමන් නිරීක්ෂණයටද එය උපකාරී වේ. ජනාකීර්ණ නොවුණත් සම්පත්වලින් (විශේෂයෙන් ඛනිජ හා බලශක්ති) පොහොසත් භූමියකි.

ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ ට්‍රම්ප්ගේ යෝජනාවට ඩෙන්මාර්කය, ග්‍රීන්ලන්තයේ රජය ඇතුළු රටවල් රැසක් දැඩි විරෝධය පළ කර තිබේ. එය ඔවුන්ගේ ස්වෛරීභාවයට එරෙහි බව ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට නව තීරුබදු පනවනු ලබන්නේ කුමන රටවලටද යන්න පිළිබඳ විස්තර නොමැති අතර, එය යුරෝපා සංගමයේ රටවල් හෝ වෙනත් ආර්ථික හවුල්කරුවන්ට බලපෑම් කළ හැකි බව විශ්ලේෂකයෝ පවසති.

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න

ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් වැදිලා - සියල්ල CCTV කැමරාවේ

ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් වැදිලා - සියල්ල CCTV කැමරාවේ