මේක ඉක්මනින් ඉවර වෙයි එයාලට වැඩි කාලයක් නෑ.. ලොවම කළඹපු යුද්ධේ අවසානය ගැන ට්‍රම්ප්ගෙන් ඇඟ හිරි වැටෙන ප්‍රකාශයක්

Report

ඉරානය සමඟ යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, සන්නද්ධ හමුදාවන්ට ඇතැම් ආයුධ සැපයීමේ ගැටළු ඇති බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(06) දින වාර්තාකරුවන්ට පැවසූ බව වාර්තා වේ.

ඒ අනුව ඔහු ඕවල් කාර්යාලයේදී සඳහන් කර තිබුණේ,"මම හිතන්නේ ඒක ඉක්මනින්ම අවසන් වෙයි කියලා. ඔවුන්ට වැඩි කාලයක් යා හැකි යැයි මම නොසිතමි," යනුවෙන් ට්‍රම්ප් ඉරානය ගැන සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඉරානය සමඟ මාස පහක යුද්ධයේදී එක්සත් ජනපද හමුදාව ඔවුන්ගේ ගෝලීය තොගයේ ඉතා නිවැරදි දිගු දුර මිසයිල බොහොමයක් භාවිතා කර ඇති බව මින් පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ආයේ ඇමෙරිකාවේ ඉපදුනත් පුරවැසිභාවය දෙන් නෑ - නව විධායක නියෝග දෙකකින් ට්‍රම්ප් ලෝකෙටම සීමා දායි

ආයේ ඇමෙරිකාවේ ඉපදුනත් පුරවැසිභාවය දෙන් නෑ - නව විධායක නියෝග දෙකකින් ට්‍රම්ප් ලෝකෙටම සීමා දායි

එසේම පතොරම් තොගවල තත්ත්වය පිළිබඳව විමසූ විට, රටට ඇතැම් අවි ආයුධ අසීමිත ලෙස සැපයුමක් ඇති නමුත් අනෙක් ඒවා පිළිබඳ ඉන්වෙන්ටරි සීමිත බවට ට්‍රම්ප් පිළිගත් බව සඳහන්.

"අපට ඉතා බලවත් ඇතැම් වර්ගයේ පතොරම් තිබෙනවා, අපට අසීමිත, අතථ්‍ය අසීමිත සැපයුමක් තිබෙනවා. අපට තව ටිකක් තද වූ තවත් ඒවා තිබෙනවා," යනුවෙන් ට්‍රම්ප් පවසා ඇත.

එසේම ඇමරිකානු ආරක්ෂක සමාගම් පේට්‍රියට් සහ ටොමාහෝක් මිසයිල සඳහා පහසුකම් ඇතුළුව තවත් නිෂ්පාදන කම්හල් ඉදිකරමින් සිටින බව ට්‍රම්ප් පැවසූ බව සඳහන්.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ඉරානය සහ ඕමානය තාවකාලික ගිවිසුමකට එළඹෙමින් සිටින බව ද වාර්තා වේ.

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න