කැනඩාව සහ ඇමෙරිකාව අතර මහා වෙළඳ යුද්ධයක් ඇරඹෙයි- 50%ක බදු පැනවීමට කැනඩා අගමැතිගෙන් සැර උත්තරයක්
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ නව තීරු බදු පැනවීම වැරදි ගණනය කිරීමක් බව කැනඩා අග්‍රාමාත්‍යවරයා සදහන් කර තිබේ.
ඇමෙරිකාව හා කැනඩාව අතර වෙළඳ සාකච්ඡා පසුගිය සිකුරාදා බිඳ වැටුණි .
ඉන් අනතුරුව සැප්තැම්බර් 8 වනදා සිට කැනඩාවට සියයට පනහක නව තීරු බද්දක් පනවන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා නිවේදනය කර ඇත
එම තීරුබදු පැනවීම කැනඩාවට හානි කිරීමට සහ ඇමෙරිකාව සහ කැනඩාව බෙදා වෙන් කිරීමට ගත් තීරණයක් මෙන්ම වැරදි තක්සේරුවක් බවයි
කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සඳහන් කර තිබේ කැනඩා අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ සාකච්ඡා අතරතුරදී ඇමෙරිකාව ප්‍රමාණය ඉක්මවා ඉල්ලීම් සිදුකළ බවත් ඒ වෙනුවෙන් ඔවුන් ලබාදීමට ඉදිරිපත් වූයේ ඉතා සුළු ප්‍රමාණයක් බවයි
නව තීරුබදු පැනවීමත් සමග කැනඩාව වෙළෙද යුද්ධයකට ඇදවැටී ඇති බවයි.
ඔහු තවදුරටත් කියා සිටියේ. සැප්තැම්බර් 8 වනදා සිට වානේ , කිරි නිෂ්පාදන / ගෘහ උපකරණ හා ඉලෙක්ට්‍රොනික් උපාංග , සඳහා නව තීරුබදු පැනවෙනු ඇත.
ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වෙළඳ සාකච්ඡා බිඳ වැටීම මිත්‍ර පාක්ෂිකයන් දෙදෙනෙකු අතර ගැඹුරින් ඒකාබද්ධ වූ වෙළඳ සබඳතා උඩුයටිකුරු කිරීමක් ලෙසයි