කැනඩාවට පාඩමක් උගන්වන්න ට්‍රම්ප්ගෙන් තවත් සැර වැඩක්- ඔන්ටාරියෝ විලට අලුත් නමක්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස නම් කිරිමේ විධායක නියෝගයට ජනාධිපතිවරයා අත්සන් තබා ඇත .
ඔන්ටාරියෝ විලේ නම ඇමෙරිකා විල එසේත් නැත්නම් ලේක් ඇමෙරිකා ලෙස වෙනස් කිරිමේ විධායක නියෝගයටයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
පසුගිය සතියේ දී ඇමෙරිකාව හා කැනඩාව අතර වෙළඳ සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව කැනඩාවට නව තීරු බදු පැනවීමෙන් පසුව මෙම පියවර ගැනීම විශේෂත්වයකි.
ඒ වගේම වෙළඳ ආරවුල මධ්‍යයේ කැනඩාව හා ඇමෙරිකාව අතර ඇති විල් පහෙන් එකක් වන ඔන්ටාරියෝ විලෙහි නම වෙනස් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා තම සමාජ මාධ්‍යයන් හි සටහනක් ද තබා ඇත.
නම වෙනස් කිරීම වහාම ක්‍රියාත්මක වන බවත් එම වෙනස සිදුකිරීම සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන සකස් කර ඇති බවත් ඔහු එහි සඳහන් කර තිබුණි.
කෙසේ වුව ද කැනඩා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔන්ටාරියෝ විල යන නම වසර 400කට වඩා පැරණි බවයි.