ලෝකයේ තීරණාත්මක තෙල් මාර්ගයේ බලය අමෙරිකාවට? හෝමුස් සමුද්‍ර සන්ධියට ට්‍රම්ප්ගේ නම දාන්න හදයි
ඉරානය සමඟ පවතින ගැටුම් මධ්‍යයේ, ලෝකයේ තීරණාත්මක ජල මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය "ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය" (Trump Strait) ලෙස නම් කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර තිබේ .
ටෙහෙරානය මාස හයක කාලයක් තිස්සේ වසා දමා ඇති මෙම සමුද්‍ර සන්ධිය මත අමෙරිකානු ස්වෛරීභාවය ප්‍රකාශ කිරීමෙන් පසු මෙම නව නම් කිරීම සිදු කර තිබේ. Truth Social ජාලය ඔස්සේ මෙම අදහස පළ කර "දැන් එය අපගේ පාලනය යටතේ පවතින බැවින්, හෝමුස් සමුද්‍ර සන්ධිය ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස වෙනස් කළ යුතුද?" යනුවෙන් ඔහු සඳහන් කර ඇත.
මෙම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණයට පෙර අමෙරිකානු පාරිභෝගිකයන්ට තෙල් මිල ඉහළ යාමට හේතු වී ඇති ඉරාන යුද්ධයෙන් අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව පෙනී යන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි .
It's got a nice ring to it pic.twitter.com/Fmzc9iUu8u
— The White House (@WhiteHouse) September 2, 2026