G7 සමුළුව මැද ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය

Report

ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී ඉන්දියාවට නිල සංචාරයක නිරත වන බවට පොරොන්දු වී තිබේ.

මෙය, පසුගිය කාලයේ දෙරට අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තා මඟහැරී, සබඳතා යළි යහපත් දිශාවකට හැරෙමින් පවතින බව පෙන්වන සලකුණක් ලෙස සැලකේ. එමෙන්ම ඉන්දියාව සහ අමෙරිකාව අතර නව වෙළෙඳ ගිවිසුමක් සඳහා එකඟතාවකට ඉතා ආසන්නව සිටින බවද වාර්තා වේ.

මෙම හමුවේදී ට්‍රම්ප් අගමැති මෝදි පිළිබඳව ප්‍රශංසා කරමින්, ඔහු තම අරමුණු සාක්ෂාත් කරගැනීමට ඉතා දක්ෂ නායකයෙකු බවත් සඳහන් කර ඇත. ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල වුවහොත් අමෙරිකාව එයට සහාය දක්වන බවයි.

ට්‍රම්ප්ගෙන් ආයෙත් ගිනි ගෙඩියක් - ලෝකෙම සාමය බලන් ඉන්න මොහොතක කළ භයානක තර්ජනය

ට්‍රම්ප්ගෙන් ආයෙත් ගිනි ගෙඩියක් - ලෝකෙම සාමය බලන් ඉන්න මොහොතක කළ භයානක තර්ජනය

එසේම, නායකත්ව වෙනසක් සිදුවුවහොත් එම ස්ථාවරය වෙනස් විය හැකි බවද ඔහු ඉඟි කර ඇත. පසුගිය වසරේ ඉන්දීය භාණ්ඩ සඳහා බදු පැනවීම සහ ඇතැම් වීසා සීමා කිරීම් හේතුවෙන් දෙරට අතර සබඳතා තාවකාලිකව දුර්වල වී තිබූ අතර, එම තත්ත්වය මේ සාකච්ඡා මඟින් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව සඳහන් වේ.

එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය නාවිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලුද මෙම සාකච්ඡාවේදී මෝදි විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. වෙළෙඳ ගිවිසුම සම්පූර්ණ කිරීම සඳහා ලබන සතියේ නවදිල්ලියේදී දෙරටේ නිලධාරීන් අතර තවත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද සඳහන් වේ.