ට්‍රම්ප් ඉරානයට අනතුරු අගවයි, දින 10ක 15ක කාල සීමාවක් ලබාදෙයි
ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අගවා තිබේ.
ඔහු මේ බව සදහන් කර තිබෙනුයේ වොෂින්ටනයේ පැවති ජනපති ට්‍රම්ගේ සාම මණ්ඩල පළමු රැස්වීමේදීය ඉරානයට ප්‍රහාරයක් එල්ලකරන බවට යළි යළිත් තර්ජනය කරමින් ට්‍රම්ප් ප්‍රකාශ තිබෙනුයේ "එසේ නොවුවහොත් නරක දේවල් සිදුවනු ඇත" යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඔහු ඉරානයට දින 10ත් 15ත් අතර කාල සීමාවක් ලබාදී තිබේ ජනපති ට්‍රම්ප් සදහන් කර තිබෙන්නේ එම කාලය තුළ ඉරානය සිය කොන්දේසි සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට නරක ප්‍රතිඵලයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.
ඒ වගේම අමෙරිකාව සිය රටට ප්‍රහාරයක් එල්ල කළහෙත් කලාපයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාරයක් එල්ලකරන බවට ඉරානයද තර්ජනය කර තිබුණි.
අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා හොඳින් සිදුවන බව ට්‍රම්ප් මීට පෙරද පවසා තිබේ ඉරානය පිළිගත් ගිවිසුමකට එළැඹිය යුතු යැයි දැනුම්දී තිබේ.
ඔහු තව දුරටත් සදහන් කරන්නේ "ඉදිරි දින 10 තුළ ඔබට ඒ ගැන බොහෝ විට සොයා ගැනීමට හැකිවෙයි.මම හිතන්නේ ඒ සඳහා උපරිම දින 10ක 10ක කාලයක් ප්‍රමාණවත්" වන බවයි.
ඒ වගේම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙත ලිපියක් යවමින් ඉරානය දැනුම්දී තිබෙනුයේ තමන් කිසිදු යුද්ධයක් ආරම්භ නොකරන බවයි.
තව දුරටත් නමුත් සිට රට මිලිටරි ආක්‍රමණයකට ලක් වුවහොත්, ඉරානයද ප්‍රතිචාර දක්වනු ඇති බවයි.
තවද ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය වෙනුවෙන් එය එසේවන බවට දැනුම්දී තිබේ