නැවතත් සටන් විරාමය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් සුබ ආරංචියක් - ඉදිරි ප්‍රහාරත් නවත්වයි
ඉරානය සමඟ පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
කලින් එකඟ වී තිබූ සටන් විරාම කාලසීමාව අවසන් වීමට පැය කිහිපයකට පෙර ජනාධිපතිවරයා මෙම තීරණය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාසයකට අධික කාලයක් පුරා දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් පැවති මෙම යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම තීරණයේ ප්‍රධාන අරමුණයි.
සටන් විරාමය අවසන් වූ වහාම යළිත් ප්‍රහාර එල්ල කරන බවට මීට පෙර තර්ජනය කර තිබුණද, සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානය කළ ඉල්ලීමකට අනුව ජනාධිපති ට්‍රම්ප් සිය ස්ථාවරය වෙනස් කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, "ඉරාන නායකයින් සහ නියෝජිතයින් එක්සත් යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර නතර කිරීමට" තමන් තීරණය කළ බවයි.