සාර්ථකව නිම කළ ආටෙමිස් II මෙහෙයුමට ට්‍රම්ප්ගෙන් සුබපැතුම් - ඊළඟ මෙහෙයුම ගැනත් ඉගියක්

Report

ආටෙමිස් II (Artemis II) චන්ද්‍ර මෙහෙයුම අතිසාර්ථක ලෙස නිම කරමින් අභ්‍යවකාශගාමීන් පෘථිවියට පැමිණීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය සුබපැතුම් එක් කර තිබේ.

සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම සමස්ත ගමනම ඉතා විශිෂ්ට වූ අතර, යානය සාගරයට පතිත කරවීම (Landing) අතිශය පරිපූර්ණ මට්ටමක පැවති බවයි.

හැමදේම හෙව්ව විකිපීඩියාවල ආයේ මේවා බෑ - දැවැන්ත වෙනසක් ගැන දන්වයි

හැමදේම හෙව්ව විකිපීඩියාවල ආයේ මේවා බෑ - දැවැන්ත වෙනසක් ගැන දන්වයි

මෙහෙයුමට එක්වූ ගගනගාමීන් පිරිස පිළිබඳව තමන් බෙහෙවින් ආඩම්බර වන බව ප්‍රකාශ කළ ට්‍රම්ප් මහතා, ඉතා ඉක්මනින් ඔවුන්ව ධවල මන්දිරයේදී හමුවීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කර ඇත.

ලෝකෙම බලන් හිටපු ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව නිම වෙයි - ආටෙමිස් II යානය ආරක්ෂිතව පැසිෆික් සාගරයට

ලෝකෙම බලන් හිටපු ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව නිම වෙයි - ආටෙමිස් II යානය ආරක්ෂිතව පැසිෆික් සාගරයට

අමෙරිකාවේ අභ්‍යවකාශ අභිලාෂයන් පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සිය සටහන අවසන් කර ඇත්තේ,

"අපි මෙය නැවතත් සිදු කරන්නෙමු, ඉන්පසු අපගේ මීළඟ පියවර අඟහරු ලෝකයයි"

යනුවෙන් අනාගත ඉලක්ක පිළිබඳව ද ඉඟියක් ලබා දෙමිනි.

මෙම සාර්ථකත්වයත් සමඟ අමෙරිකාව ප්‍රමුඛ අභ්‍යවකාශ ගවේෂණයේ නව පරිච්ඡේදයක් සනිටුහන් වන බව දේශපාලන හා විද්‍යා අංශ පෙන්වා දෙයි.