සඳ අයිති අපිටයි වෙන කාටවත් නෙවෙයි - ට්‍රම්ප්ගේ සටහනක් නිසා බුකිය කැලඹේ

Report

සඳෙහි අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදය සතු බව හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘ටෲත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

"සඳ අයිති අපටයි" යනුවෙන් සඳහන් කරමින්, ඇමෙරිකානු ධජය සහිතව AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද සඳෙහි සහ පෘථිවියේ ඡායාරූපයක් ද ඔහු මෙහිදී හුවමාරු කරගෙන ඇත.

තමන්ට කියලා නිවසක් නැද්ද? අඩු ආදායම්ලාභි පවුල් වලට රජයෙන් නිවාස

තමන්ට කියලා නිවසක් නැද්ද? අඩු ආදායම්ලාභි පවුල් වලට රජයෙන් නිවාස

නිරවි යුද සමයේ සෝවියට් දේශය සමඟ පැවති අභ්‍යවකාශ තරගය අතරතුර, 1969 ජූලි 20 වනදා නාසා ආයතනයේ 'ඇපලෝ 11' මෙහෙයුමෙන් නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මත පය තැබූ මුල්ම මානවයන් බවට පත්වූහ.

වර්තමානය වනවිට ඇමෙරිකාවට අමතරව චීනය, ඉන්දියාව, ජපානය සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය ද සඳ ගවේෂණයේ නිරතව සිටී.

හෙට කාලගුණය ගැන හදිසි නිවේදනයක් - මේ පළාත්වලට හෙට මි.මී. 75 ඉක්මවූ තද වැසි

හෙට කාලගුණය ගැන හදිසි නිවේදනයක් - මේ පළාත්වලට හෙට මි.මී. 75 ඉක්මවූ තද වැසි

ට්‍රම්ප්ගේ උපදෙස් මත ආරම්භ වූ 'ආටිමිස්' මෙහෙයුම යටතේ නාසා ආයතනය යළිත් සඳ වෙත ගගනගාමීන් යැවීමට සහ එහි ජනාවාස පිහිටුවීමට සැලසුම් කරමින් සිටින අතර, චීනය ද සඳ මත ජනාවාස පිහිටුවීමේ පූර්ව කටයුතු සූදානම් කරමින් සිටියදී ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය නිකුත් වී තිබේ.