රට බලෙන් අල්ලන් ජනපතිකම පවරා ගනී - ඉතිහාසයේ කැතම දේශපාලනය ට්‍රම්ප්ගෙන්

Report

අමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා තමන් බවයි. මේ වනවිට වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අමෙරිකානු යුද හමුදාව විසින් අල්ලා ගැනීමත් සමඟ ලෝක දේශපාලනයේ විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ.

එවැනි අවස්ථාවක දැඩි ජාත්‍යන්තර මතභේද හමුවේ ජනපති ට්‍රම්ප් මෙය ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය මගිනි. පසුගිය 03 වනදා අලුයම 1.50ට පමණ එරට අගනුවරට අමෙරිකාවෙන් අතිෂය දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කලේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුවය.

කුණාටුව ඉවර වෙද්දී ඔන්න දැන් අලුත් ප්‍රශ්ණයක්

කුණාටුව ඉවර වෙද්දී ඔන්න දැන් අලුත් ප්‍රශ්ණයක්

මෙම ප්‍රහාරය වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කරගනිමින් සිදු වූ අතර මෙයින් අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අත්අඩංගුවට ගෙන අමෙරිකාවට ගෙන ගියේය.

වෙනිසියුලාව නම් තනි රටක් ආක්‍රමණය කොට බලහත්කාරයෙන් එහි වැඩ බලන නායකයා තමන් බව නිවේදනය කිරීම දේශපාලනික වශයෙන් ප්‍රතිපත්තියක් නොමැති අසාධාරණ ක්‍රියාවක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. 

Gallery