ට්‍රම්ප් සහ කමලා හැරිස්ගේ විවාදයට දින නියම වෙයි...
By Parami Dissanayake
පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත එරට ජනාධිපතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රතිවාදියා වන කමලා හැරිස් සමඟ විවාදයකට තමා සුදානම් බව ය.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් 10 වනදා අමෙරිකානු හිටපු ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් අතර පළමු විවාදය පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පිළිතුරු දෙමින් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විවාදයට තමා සුදානම් බවත්, ඊට සැප්තැම්බර් 10 වන දින යොදාගත හැකි බවත් ය.