නරේන්ද්‍ර මෝදිට ට්‍රම්ප් පරිපාලනයේ පූර්ණ සහයෝගය

Report

ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිට ට්‍රම්ප් පරිපාලනයේ පූර්ණ සහයෝගය ලැබී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

අනුර වැඩි කල් යන්න කළින් වැල් පාලමෙන් වැටෙනවා… ලියලා තියාගන්න..

අනුර වැඩි කල් යන්න කළින් වැල් පාලමෙන් වැටෙනවා… ලියලා තියාගන්න..

එහි ප්‍රකාශිකාව පවසා ඇත්තේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔවුන් ඉන්දීය රජය සමඟ නිරන්තර සන්නිවේදනයේ යෙදී සිටින බව‍ය. එමෙන්ම අමෙරිකාව තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඇය පවසයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සමග දුරකථන සංවාදයකද නිරතවෙමින් මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. එහිදී ද පවසා ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකාව ඉන්දියාව සමග ශක්තිමත්ව සිටින බවය.

අපරාධයකින් මුදල් උපයන්න හැදුවොත් වැඩ වරදී ...

අපරාධයකින් මුදල් උපයන්න හැදුවොත් වැඩ වරදී ...

එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී සහාය ලබාදෙන ලෙසත් කාශ්මීරයේ ප්‍රහාරය හෙළා දකින ලෙසත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පාකිස්තානයට දැනුම්දී තිබේ.