ඡන්ද මධ්‍යස්ථානයකට පහර දෙන්න හැදූ බෝම්බ, තුවක්කු සහිත ලොරියක් අල්ලයි. - (PHOTO)

Sri Lanka Bomb Blast Sri Lanka Police Parliament Election 2024 Sri Lanka Parliament Election 2024
By Wayomi Nov 14, 2024 07:06 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (13) ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙකක් සහ කඩුවක් සොයාගත් බව සූරිය වැව පොලිසිය සඳහන් කළා.

ටී 56 ගිනි අවියක් ලොරි රථයක සඟවාගෙන ඡන්ද පොළකට පහරදීම සඳහා සූදානමින් සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව සූරිය වැව පොලිසිය වහා ක්‍රියාත්මක වී සිදුකළ විමර්ශන වලදී එම ලොරියේ ඩිෆරන්සරයේ උඩ කොටසේ ඉටි බෑගයක ඔතා සඟවා තිබූ ටී කටක් ගිනි අවිය, බෝම්බ සහ උණ්ඩ පොලිසිය විසින් මෙලෙස සොයාගනු ලැබුවා.

හදිසියේම දිවයින පුරා විශේෂ ආරක්ෂක ක්‍රමවේදයන් . පළාත් උඩින් ඩ්‍රෝන කැමරා - ත්‍රිවිධ හමුදාවම කැඳවයි.

හදිසියේම දිවයින පුරා විශේෂ ආරක්ෂක ක්‍රමවේදයන් . පළාත් උඩින් ඩ්‍රෝන කැමරා - ත්‍රිවිධ හමුදාවම කැඳවයි.

ඒ, අනුව මෙම ආයුධ තොගය කිසියම් අපරාධයක් සඳහා යොදා ගැනීමට නිවැසියන් හෝ කිසියම් පුද්ගලයකු විසින් සඟවා තබන්නට ඇත්දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන අතර ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇත.    

ජනාධිපති ඡන්දෙ දැමීම මාධ්‍යවල දැමීම තහනම්. - එකට වේලාවක් දෙයි.- (විශේෂ නිවේදනය සහිතයි.)

ජනාධිපති ඡන්දෙ දැමීම මාධ්‍යවල දැමීම තහනම්. - එකට වේලාවක් දෙයි.- (විශේෂ නිවේදනය සහිතයි.)

සියලුම නිවාඩු අවලංගුයි. - 18,19, 20 සහ ඊට පසු සතියේ වෙන්න දේ මෙන්න.

සියලුම නිවාඩු අවලංගුයි. - 18,19, 20 සහ ඊට පසු සතියේ වෙන්න දේ මෙන්න.



Gallery
ReeCha