පාකිස්තාන අගමැතිට වුණ වැඩේ
පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මුහුණ දුන් සිදුවීමක් මේ වන විට ලොව පුරා අවධානයට ලක්ව තිබේ.
මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන ටර්ක්මෙනිස්තානයේ පැවැති ජාත්‍යන්තර සමුළුවක් අතරතුර මෙම සිඩුවීම සිදුව තිබේ .
එරට අෂ්ගබාත් අගනුවර පැවැති එම සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සහභාගී විය.
ඒ අතර පාකිස්තාන අගමැතිවරයා සහ රුසියා ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික හමුවීමකටයි .
කෙසේ වෙතත් එම ද්විපාර්ශ්වික හමුව පැවැත්වීමට නියමිතව තිබූ ශාලාවට පාකිස්තාන අගමැතිවරයා පැමිණ විනාඩි 40ක පමණ කාලයක් රැඳී සිට ඇත.
නමුත් ජනාධිපති පුටින් එහි නොපැමිණි බව සදහන් වේ.
ඒ වන විටත් පුටින් ජනාධිපතිවරයා අසල පිහිටි ශාලාවක තුර්කි ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක නිරත වෙමින් සිට ඇත.
පාකිස්තාන අගමැතිවරයා පුටින් ජනාධිපතිවරයාගේ පැමිණීම ප්‍රමාද වීමෙන් නොඉවසිල්ලට පත් විය .
ඉන් පසුව පසුව අනාරාධිතවම රුසියා සහ තුර්කි ජනාධිපතිවරුන්ගේ හමුව පැවැති ශාලාවට ඇතුළු වී තිබේ.
එහි දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .
අගමැති ෂරීෆ් විනාඩි 10ක පමණ කාලයක් එහි ගත කිරීමෙන් පසුව පසුව එම ස්ථානයෙන් පිටවී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.