මෙන්න මේ දුම්රිය ගමන් අවලංගු කරලා

Report

නැගෙනහිර මාර්ගයේ අද (27) ධාවනය වීමට තිබූ දුරගමන්, නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 06ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා නැගෙනහිර මාර්ගයේ ගංගා හා ජලාශයන්වල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ .

ඒ හේතුවෙන් දුම්රිය මාර්ගය ජලයෙන් යටව ඇති නිසා දුම්රිය දෙපාර්තමේන්තුව මේ තීරණය ගෙන තිබේ .

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර මාර්ගයේ ත්‍රිකුණාමලය හා මඩකළපුව පහත සඳහන් දුම්රිය ගමන්වාර අවලංගු කර තිබේ .

සියලුම දුම්රිය ගමන් අඩාලයි - කාලගුණය අන්තිමයි

සියලුම දුම්රිය ගමන් අඩාලයි - කාලගුණය අන්තිමයි

පෙරවරු 06.00 කොළඹ කොටුව /මඩකළපුව

සවස 03.15 කොළඹ කොටුව මඩකළපුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

 රාත්‍රී 09.30 කොළඹ කොටුව / ත්‍රිකුණාමලය

රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 11.00 කොළඹ කොටුව මඩකළපුව රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

කොළඹ බලා ධාවනට වන දුම්රියන්

අලුයම 01.30 මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

06.10 මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය

රාත්‍රී 07.40 මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

රාත්‍රී 7.30 ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

උඩරට දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය ධාවනයට බාධා