සියලුම දුම්රිය ගමන් අඩාලයි - කාලගුණය අන්තිමයි

Report

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයට සහ කැලණිවැලි දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු දුම්රිය මාර්ගය වැල්ලව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇති අතර පුත්තලම මාර්ගයේ දුම්රිය මාර්ගයට බාධා එල්ල වී ඇති බවයි.

ලංකාවම අවදානමක - මෙන්න අද රටේ තත්ත්වේ

ලංකාවම අවදානමක - මෙන්න අද රටේ තත්ත්වේ

වැඩිදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව - බදුල්ල අතර ධාවනය වන සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු නානුඔය දක්වා පමණක් ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි.

උසස් පෙළ විභාගය කල් යයි - විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය කල් යයි - විශේෂ නිවේදනයක්