මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි - අද සිට බලාත්මක වන පරිදී නියමයක්
මහජන සාමය පවත්වාගෙන යාමට දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියම කර ඇත.
ඒ අනුව මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියමය නිකුත් කර තිබෙන අතර, එය අද (27) දින සිට ක්‍රියාත්මක වේ.
එබැවින් ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් කැඳවා ඇත.
එම නියමයට කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්ක ඇතුළත්.
එමෙන්ම කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා එම දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තීරයද නියමයට ඇතුළත් කර ඇති බව සඳහන්.
එසේම ජනාධිපතිවරයා විසින් මෙම නියමය 2026 අගෝස්තු 25 වැනිදා නිකුත් කර තිබෙන අතර, 2026 අගෝස්තු 27 වැනි දින සිට එය බලාත්මක වේ.