හැකර්වරු අතට ගිය මුදල් ගැන අපි හොයනවා - ඇමැතිනි හරිනි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස අත්පත් කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශන ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළාය.
අද (24) මහනුවර මල්වතු මහා විහාර පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහාය මේ වන විටත් මෙරටට ලැබෙමින් පවතින බවත්ය.
රජයක් ලෙස මෙම තත්ත්වය සමනය කිරීමට සහ අදාළ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද ඇය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.