මේ රටවල් වලට කියනකම් යන්න එපා.. එහෙ සිට මෙහෙ එනව නම් මේ දේ කළ යුතුයි.. වහාම කළ දැනුම්දීම මෙන්න.

Israel Syria Lebanon Bomb Blast Latest Headlines
By krishani Oct 02, 2024 02:22 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ කුමන හෝ කටයුත්තක් සඳහා ඊශ්‍රායලයට යෑමට සූදානමින් සිටින පුද්ගයෙකු සිටී නම් තාවකාලිකව එම විදෙස්ගතවීම නවතා දමන ලෙසයි.

රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාව?. මාලිමාවේ ගොඩක් අය කතා කරලා.. රන්ජන් මාලිමාවෙන් මහ මැතිවරණට?.(VIDEO)

රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාව?. මාලිමාවේ ගොඩක් අය කතා කරලා.. රන්ජන් මාලිමාවෙන් මහ මැතිවරණට?.(VIDEO)


ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ වර්තමානයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය සම්බන්ධයෙන් අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා මේ බව පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ යුදමය තත්ත්වය නිරීක්ෂණය කර අවශ්‍ය කටයුතු සිදුකිරීමට යොමු වන ලෙසය.

තවද, ඊශ්‍රායලය, ලේබනනය සහ සිරියාව යන රටවල් වෙත යාමට අවශ්‍ය කෙනෙකු වේ නම් ඔවුන් පූර්ණ ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ විය යුතු වේ.

අනුර ඇවිත් සති කීය ද?. රැකියා ප්‍රශ්නෙටත් තිත.. මෙන්න ජපානෙන් අපෙ කෙල්ලෝ කොල්ලොන්ට ආව සුබ ආරංචිය..

අනුර ඇවිත් සති කීය ද?. රැකියා ප්‍රශ්නෙටත් තිත.. මෙන්න ජපානෙන් අපෙ කෙල්ලෝ කොල්ලොන්ට ආව සුබ ආරංචිය..


මීට අමතරව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට නැවතත් මෙරටට පැමිණීමට අවශ්‍ය නම් තානාපති කාර්යාලය වෙත එය දැනුම් දිය යුතු වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"ඊශ්‍රායලයේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් 12,000ක් පමණ සේවය කරනවා. මේ වසරේ 6,700ක පමණ සංඛ්‍යාවක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට රජයන් දෙක අතර ඇති වු ගිවිසුම් අනුව විදෙස්ගත වුණා.

සාත්තු සේවය සඳහා ගිය අය 5000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. වර්තමානයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය අනුව කිසිදු ආකාරයක ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් ඇති වී ඇති බවට කිසිදු වාර්තාවීමක් නෑ.

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..


තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නවා. අවශ්‍ය නම් තානාපති කාර්යාලය සම්බන්ධ කරගන්න පුළුවන්.

තවමත් එම රටවල ජන ජීවිතය සාමාන්‍ය පරිදි සිදු වෙනවා. නමුත් ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන්න."

එමෙන්ම, ලෙබනනයේ තත්ත්වය ගැන ද ඒ මහතා සඳහන් කළේ මෙවැන්නකී,

"ලෙබනනයේ 7,600ක් පමණ සේවය කරනවා. තානාපති කාර්යාලය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පෙනි සිටිනවා.

28 දෙනෙකු පමණ යම් ආකාරයක රැකවරණයක් පතාගෙන ඇවිත් තිබෙනවා. ඔවුන් ස්ථාන දෙකක රඳවා තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්.. තව මාස කීය ද 2025 ට.. බාර් වැහෙයි?.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්.. තව මාස කීය ද 2025 ට.. බාර් වැහෙයි?.


ලෙබනනයේ සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තානාපති කාර්යාලය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. නිල ෆේස්බුක් පිටුවේ ඒ තොරතුරු සඳහන් වෙනවා.

කිසිදු ආකාරයේ අනතුරක් සිදුවෙලා නෑ ශ්‍රී ලාංකිකයෙකුට. නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍යතාවයක් ඇති කෙනෙකු වේ නම් එම කටයුතු සිදුකර ගැනීම සඳහා තානාපති කාර්යාල සෘජුව සම්බන්ධ කරගන්න පුළුවන්. "