වාහන බලපත්‍ර අලුත් කරන්න ආයෙත් දින - ත්‍රීරෝද ,පාසල් වෑන් ඇතුළු රියදුරන් රැසකට දැඩි නීති - ඇමති බිමල් පැහැදිලි කරයි
අද දින (18) රැස් වූ පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ශ්‍රි ලංකාවේ මහා මාර්ග නීතී රීති පිළිබඳව වැදගත් ප්‍රකාශ කිහිපයක් සිදු කළේය.
එහිදී අනෙකුත් පක්ෂ සාමාජිකයන් විසින් විරෝධය පෑමේදී ඔහු පවසා සිටියේ,
" මේ ගොල්ලෝ අනිත් අයගේ පස්සේ ගිහින් මන්ත්‍රීකමත් විකුණගත්ත අය.හුගක් වනචර අය හිතනවා අපිත් ඒ වගේ කියලා. මේ දේශපාලන වනචරයන්ට කියන්න මගේ කාලේ කන්න එපා කියලා.මම හිතන්නේ ළගදී සජබේ නාගරික මන්ත්‍රී කෙනෙක්ගෙන් ගුටි කෑවා නේද? ලෙසයි.
පසුව අමාතයවරයා විසින් ප්‍රවාහන කටයුතු වලට ආදාල තත්ත්වයන් පැහැදිලි කළේය, එහිදී ඔහු පවසා සිටියේ දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නොවැම්බර් 25 සිට දෙසැම්බර් 24 දක්වා කල්ගිය වාහන රියදුරු බලපත්‍ර අලුත් වැඩියා කිරීමට සිටි පුද්ගලයන්ට නැවතත් කාලයක් ලබාදුන් බවයි.
එමෙන්ම විදේශිකයන්ට ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අලුත්වැඩියා කිරීමට වේරහැරට යාමට සිදුවන බවත් මාලිමා ආණ්ඩුව මගින් එම පහසුකම බණ්ඩාරනායක ගුවන් තොටුපළ තුලින්ම ලබා දුන් බවත්ය.
එමෙන්ම ඔහු පවසා සිටියේ ජාතික කොමිසන් සභා පනතේ බලතල යටතේ ත්‍රීවීලර්, ටැක්සි,ස්කූල් වෑන් ,ඔෆිස් වෑන් ආදිය මෙතෙක් නිසි ලෙස නියාමනය නොකිරීමෙන් විශාල ගැටලු කිහිපයක් පැන නැගී ඇති බවයි.
මේ හේතුවෙන් ත්‍රීවීල්,ටැක්සි,පාසල් වෑන් සහ ඔෆිස් වෑන් යන හතරටම අදාලව රෙගුලාසි සකස් කර මෙම මාස දෙකක කාල දෙක තුලදී අදාල පාර්ශව සමග සාක්ච්චා කර අවසන් කරන බවයි.
එමෙන්ම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවාදැයි පරීක්ශා කිරීමට යුහුසුලුව කටයුතු කරන බවත් මෑත භාගයේදී මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරන රැකියා අතර රියදුරු රැකියාවද ඇති බවයි.
මෙමගින් නිරන්තරයෙන් අනතුරු සිදුවන බවත් මෙය වලක්වා ගැනීමට රියදුරන්ගේ විනය සෑදීමට අවශ්‍ය බව සංඛයාලේඛන පෙන්වා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
තවද ආසන පටි (ශීට් බෙල්ට්) වලට අදාල නීති දැඩි කල බවත් අධිවේගී මාර්ගයේ ගමන් කරන්නන්ට වාහනයේ පිටුපස ගමන් කරන්නන්ටත් එම නීතිය අනිවාර්ය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම කාඩ් මාර්ගයෙන් මුදල් ගෙවීම් පිලිබදවද අමාතයවරයා පැහැදිලි කර ඇත.බසයට ඕනෑම බැංකු කාඩ් පතකින් මුදල් ගෙවිට හැකි බව ඔහු පැහැදිලි කළේය.