මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයන් වර්ජනයක
නියාමක විශේෂ පන්තියේ උසස්වීම් ප්‍රමාදවීම, වැටුප් ගැටලු නොවිසඳීම ඇතුළු දීර්ඝ කාලීනව නොවිසඳුණු ගැටලු රැසක් මුල්කරගනිමින් හෙට (19 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට ලංකා දුම්රිය නියාමක සංගමය තීරණය කර ඇත.
උසස්වීම් ප්‍රමාදවීම සහ වැටුප් ගැටලුවට අමතරව, දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රමාදය, කාර්යක්ෂමතා කඩඉම් සහන ලබාදීමේ ප්‍රමාදය, සුබසාධන කටයුතු සම්බන්ධ ඉල්ලීම් ඉටුනොවීම, දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක තනතුරේ බඳවා ගැනීම් ප්‍රමාදවීම ආදී ගැටලු රැසකට තවමත් විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බව ලංකා දුම්රිය නියාමක සංගමය විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත යවන ලද ලිපියක සඳහන් කර ඇත.