උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය පිළිබද දැනුම්දීමක්..

By Piyumika Nov 26, 2024 02:55 AM GMT
Report

පවතින අයහපත් කාලගුණය හේතුකරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ග අවහිරතා ඇත්නම් ළඟම මධ්‍යස්ථානයට යන්න..උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්..

මාර්ග අවහිරතා ඇත්නම් ළඟම මධ්‍යස්ථානයට යන්න..උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්..

එහි දක්වා ඇත්තේ බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට පස් කඳු සහ ගල් කඩා වැටීම හේතුවෙන් මෙම බාධා මතුව ඇති බවය.

ඒ අනුව, උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරේ.

මේ අතර පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් අවහිරව ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මහවැලි ගඟ අවට පහත් බිම්වල ජනතාවට අවධානමක්...

මහවැලි ගඟ අවට පහත් බිම්වල ජනතාවට අවධානමක්...

එම ඒකකය පැවසුවේ නායයාම්, පස්කඳු කඩා වැටීම්, ගස් සහ ගල් කඩාවැටීම් හේතුවෙන් මෙම මාර්ග අවහිරව ඇති බවය. ඒ අනුව බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර කිරිමණ්ඩලය අසල, හපුතලේ බෙරගල මාර්ගය, බදුල්ල - පස්සර මාර්ගයේ තුනේ කණුව, බදුල්ල කදන හරහා ස්ප්‍රිංවැලි මාර්ගය, බදුල්ල පස්සර මාර්ගයේ 7 කණුව, බිබිල ලුනුගල මාර්ගයේ අරවාකුඹුර යන මාර්ග සහ අවහිර ව තිබේ.

අවහිර වූ එම මාර්ග හේතුවෙන් විකල්ම මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.  

You may like this video