පාර මාරු වුණු වනඅලියා වෑන් රථයක ගැටී මරුට
හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 124 කිලෝමීටර් කණුව අසලින් අද (27) අලුයම 1ට පමණ ධාවනය වූ වෑන් රථයක වනඅලියෙකු ගැටී ඇත.
මෙම අනතුරේදී තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ කාන්තාවක් හබරණ රෝහලට ඇතුළත් කර තිබේ .
ඒ වගේම වනඅලියා මියගොස්ය. කවුඩුල්ල වනජීවි නිලධාරීන් සදහන් කර ඇත්තේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට හුරුලු පාරිසරික උද්‍යානය දක්වා ප්‍රධාන මාර්ගය හරහා මාරුවීමේදී වනඅලියා වෑන් රථයේ ගැටී ඇති බවයි.
මෙලෙස මියගිය වනඅලියා වයස අවුරුදු 12ක් පමණ උස අඩි 5ක සත්ත්වයෙකි.
ඒ වගේම මෙම සිද්ධිය සම්බන්ධව කවුඩුල්ල වනජීවි නිලධාරීන් සහ හතරැස් කොටුව පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.