තැන තැන මාරක අනතුරු , නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට

Report

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ මෙම අනතුරු සිදුව තිබුණේ තෙල්දෙණිය, පදියතලාව, වෙරළබඩ සහ බණ්ඩාරගම යන පොලිස් වසම් තුළදීය.

 මහනුවර පදියතලාව මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී යතුරු පැදියක් එම දෙසටම ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

  පොලීසිය සදහන් කරන්නේ අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවයි මෙලෙස අනතුරින් මරණයට පත්ව තිබෙනුයේ 46 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙක් වේ

තවත් අනතුඅරක් ටිපර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී සිදුව තිබේ

එ පදියතලාව පොලිස් වසමේ කෙහෙල්උල්ල ප්‍රදේශයේදී ය

පොලීසිය සදහන් කළේ අනතුරින් තුවාල ලැබූ ටිපර් රථයේ රියැදුරු පදියතලාව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා මහඔය රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ පදියතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.

  මේ අතර වෙරළබඩ පොලිස් වසමේ වරාය පරිශ්‍රයේ බර අඬු එසවුම් යන්ත්‍රයක් අදියර තුනේ සිට අධියර දෙක දෙසට ධාවනය කරන අවස්ථාවේ ඊට ඉදිරියෙන් එම දිශාවටම ධාවනය කල යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ .

හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ අද FCIDයට

හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ අද FCIDයට

අනතුරින් යතුරුපැදියේ පසුපැදිකරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ මේ අයුරින් මියගොස් ඇත්තේ, රිදීගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර බණ්ඩාරගම - පානදුර මාර්ගයේ බණ්ඩාරගම නගරයේදී තවත් අනතුරක් සිදුව තිබේ.

තවද හොරණ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුඅරක් සිදුව ඇත .

අනතුරින් තුවාල ලැබූ පදිකයා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර ඉන්පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට මාරුකර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.

 මරණකරු වයස අවුරුදු 65 ක් වූ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධව බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.