අද රෑ 9 ට මොකද වෙන්නේ?. පොලීසියෙන් ජනතාවට කළ විශේෂ දැනුම්දීම මෙන්න..

Report

කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලීසිය නිවේදයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද (29) රාත්‍රී 09.00 සිට හෙට (30) අලුයම 01.00 දක්වා එම පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

එළඹෙන නව වසරේ, ජනවාරි 1 වෙනිදාම කරන්න යන දෙය මහ බැංකුව කියයි.. මේ ගැන දැනුවත් ද?.

එළඹෙන නව වසරේ, ජනවාරි 1 වෙනිදාම කරන්න යන දෙය මහ බැංකුව කියයි.. මේ ගැන දැනුවත් ද?.

පෙරහැර කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයෙන් ආරම්භ කරයි. 

එමෙන්ම, කොස්ගම පූගොඩ මාර්ගයේ කනම්පැල්ල හන්දිය දක්වා ගමන් කිරීමෙන් පසු කනම්පැල්ල හන්දියෙන් දකුණට හැරී කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මීටර් 800 ක් පමණ දුර කඩුගොඩ හන්දිය දක්වා ගමන් කරයි.

පසුව නැවත එම මාර්ගය ඔස්සේ විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.

ගස්ලබු රස කර කර කෑවට, ගස්ලබු ඇටේ මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය හිතාගන්න බැරි වෙයි..(VIDEO)

ගස්ලබු රස කර කර කෑවට, ගස්ලබු ඇටේ මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය හිතාගන්න බැරි වෙයි..(VIDEO)

එබැවින්, පොලීසිය සදහන් කළේ පෙරහැර ගමන් ගන්නා කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාව වෙත පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ය.

එමෙන්ම, කොළඹ දෙස සිට අවිස්සාවේල්ල, රත්නපුර සහ හැටන් දෙසට ගමන් කරන වාහන සඳහා කොස්ගම කළුඅග්ගල හන්දියේ පිහිටි ඔරලෝසු කණුව අසලින් දකුණට ඇති ලබුගම මාර්ගයේ කිලෝ මීටර් 12 ක් ගමන් කළ පසු හමුවන තුංමෝදර හන්දියෙන් වමට ඇති තුංමෝදර – අවිස්සාවේල්ල මාර්ගයේ කිලෝමීටර් 08ක් ගමන් කිරීමෙන් පසු හමුවන පුවක්පිටිය හන්දියෙන් දකුණට හැරී ප්‍රධාන මාර්ගයට පිවිසීමට හැකියාව ඇත.

කෙසේ වෙතත්, අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ගමන් කරන වාහන රන්වල පහන අසලින් දකුණට ඇති ඇස්වත්ත කිරිඳිවෙල මාර්ගයේ කිලෝමීටර් 08ක් පමණ ගමන් කිරීමෙන් පසු වමට ඇති කිරිඳිවෙල කොළඹ මාර්ගයට පිවිසිය හැකි වේ.

ඒ බව වැඩිදුරටත් පොලීසිය සදහන් කර තිබෙනවා.

You May Like This Video👇 

.