රථ වාහන ධාවනයට සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදයක්..පහත විකල්ප මාර්ග භාවිතා කරන්න..

Report

කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදයක් නිකුත් කර තිබේ.

එම පෙරහැර අද (29) රාත්‍රී 09.00 සිට පසුදා අලුයම 01.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි.

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරකට /UPDATE..(VIDEO)

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරකට /UPDATE..(VIDEO)

පෙරහැර කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර කොස්ගම පූගොඩ මාර්ගයේ කනම්පැල්ල හන්දිය දක්වා ගමන් කිරීමෙන් පසු කනම්පැල්ල හන්දියෙන් දකුණට හැරී කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මීටර් 800 ක් පමණ දුර කඩුගොඩ හන්දිය දක්වා ගමන් කර නැවත එම මාර්ගය ඔස්සේ විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.

එබැවින් පෙරහැර ගමන් ගන්නා කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාව වෙත පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය ඉල්ලා සිටී.

වසරේ නැගී එන ක්‍රීඩක නිර්දේශිත නාමයන් අතරට කමිඳුත්..

වසරේ නැගී එන ක්‍රීඩක නිර්දේශිත නාමයන් අතරට කමිඳුත්..

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල, රත්නපුර සහ හැටන් දෙසට ගමන් කරන වාහන සඳහා කොස්ගම කළුඅග්ගල හන්දියේ පිහිටි ඔරලෝසු කණුව අසලින් දකුණට ඇති ලබුගම මාර්ගයේ කිලෝ මීටර් 12 ක් ගමන් කළ පසු හමුවන තුංමෝදර හන්දියෙන් වමට ඇති තුංමෝදර - අවිස්සාවේල්ල මාර්ගයේ කිලෝමීටර් 08ක් ගමන් කිරීමෙන් පසු හමුවන පුවක්පිටිය හන්දියෙන් දකුණට හැරී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැක.

අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ගමන් කරන වාහන රන්වල පහන අසලින් දකුණට ඇති ඇස්වත්ත කිරිඳිවෙල මාර්ගයේ කිලෝමීටර් 08ක් පමණ ගමන් කිරීමෙන් පසු වමට ඇති කිරිඳිවෙල කොළඹ මාර්ගයට පිවිසිය හැකි බව පොලීසිය පවසයි.

You may like this video