රියදුරන්ගේ අවධානයට - අද රෑ 7 සිට දික්වැල්ල සහ තංගල්ල පැත්තේ පාරවල් කිහිපයක් වැසෙන ලකුණු

Report

පොසොන් පෙරහැර කිහිපයක් පැවැත්වීම හේතුවෙන් අද (29) සහ ඉදිරි දිනයන්හි මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දෙයි.

කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහර අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිත අතර, එය විහාරස්ථානයෙන් ආරම්භ වී කොන්දෙණිය හන්දිය, පරණ බෙලිඅත්ත මාර්ගය ඔස්සේ දික්වැල්ල නගරය දක්වාත්, කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය ඔස්සේ තංගල්ල දෙසටත් ගමන් කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

එම කාලය තුළ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා තැබෙන බැවින් රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

පොසොන් බලන්න යන අයටයි.. දන්සල් දෙන අයටයි PHI සංගමයෙන් විශේෂ පණිවිඩයක්

පොසොන් බලන්න යන අයටයි.. දන්සල් දෙන අයටයි PHI සංගමයෙන් විශේෂ පණිවිඩයක්

එමෙන්ම රත්මලේ ප්‍රදේශයේ පැවැත්වෙන තවත් පෙරහැරක් හේතුවෙන් රත්මලේ, රදම්පල සහ අවට මාර්ගවල ද රථවාහන ගමනාගමනයට සීමා පැනවීමට නියමිත බව ද පොලීසිය පවසයි.

වලස්ගල ශ්‍රී ජයවර්ධන මුචලින්දාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහර 2026 ජූලි 01 වන දින පෙරවරු 10.00 සිට වීථි සංචාරය කිරීමට නියමිත අතර, එම අවස්ථාවේදී වලස්ගල, බෙලිඅත්ත සහ දික්වැල්ල ප්‍රදේශවල මාර්ග කිහිපයක ගමනාගමනයටද බලපෑම් ඇතිවිය හැකි බව සඳහන් වේ.

 පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ රියදුරන් සහ මහජනතාව අදාළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

පොසොන් පෙරහැර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක රථවාහන සීමා by rishma