ජනප්‍රිය මෝටර් රථ වර්ගයක් හදිසියේ නැවත කැඳවයි...
‘ටොයෝටා’ සමාගම නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෝටර් රථ 8,000කට ආසන්න සංඛාවක් නැවත කැඳවීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
ලෝක රථ වාහන වෙළෙඳපොළේ ප්‍රබල සමාගමක් වන ටොයෝටා සමාගම මෙම රථ වාහන මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ ‘යාරිස්’ (toyota yaris) වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයක් බවයි පැවසෙන්නේ.
2020 ත් 2023 ත් අතර කාලයේ නිෂ්පාදනය කර ඇති ‘ටොයෝටා යාරිස්’ පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා තිබෙන බව වාර්තා වේ.
ටොයෝටා සමාගම ප්‍රකාශ කර ඇත්තේ, එම මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස නැවත කැඳවා ඇති අතර අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන්නේ නම් එම රථ පරීක්ෂා කර ගැනීමක් කළ යුතු බවයි.
සමස්තයක් වශයෙන්, යළි කැඳවීම මෝටර් රථ 7,633 කට බලපාන බව සඳහන්.