ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවෙනි තරඟයේ ජය තීරණය වෙයි - තියුණු සටනකින් විශිෂ්ට ජයග්‍රහණයක්.. (PHOTOS/UPDATE)
UPDATE :-
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ජය හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.
ඒ ශ්‍රී ලංකාව ලබාදුන් 173ක ඉලක්කය පන්දුවාර 19.5ක දී අභිබවා යමින් ලකුණු 178 ලබා ගෙනයි.
පන්දු යැවීමේ දී මහිෂ් තීක්ෂණ ලකුණු 25ක් ලබා දී කඩුලු 02ක් දවා ගත් අතර දිල්ෂාන් මධුශංක ලකුණු 24 ලබා දී හා කඩුලු 01ක් දවා ගත්තේ ය.
දුෂ්මන්ත චමීර ලකුණු 30ක් ලබා දී කඩුලු 02ක් ලබා ගැනීමට සමත් වු අතර නායක වනිඳු හසරංග ලකුණු 41ක් ලබා දී කඩුලු 01ක් බිඳ හෙලීය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Craig Ervine පන්දු 54ක දී ලකුණු 70ක් ද Brian Bennett පන්දු 20ක දී ලකුණු 25ක් ද Luke Jongwe පන්දු 12ක දී ලකුණු 25ක් රැස් කළේ ය.
කෙසේ වෙතත්, තරග 03කින් සමන්විත T20 තරගාවලිය තරග 1 - 1 ලෙස සම තත්ත්වයේ පසු වන අතර අවසන් T20 තරගය ජනවාරි 18 වන දින ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගයේ දී පැවැත්වීමට නියමිතයි.
-------------------------------------------------
ශ්‍රී ලංකාවෙන් සිම්බාබ්වේට ලැබුණ ඉලක්කය.. (PHOTOS
සිම්මබාවේ සමග පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයකට පැමිණ තිබෙනවා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 51කදී ලකුණු 66ක් සහ චරිත් අසලංග පන්දු 39කදී ලකුණු 69ක් රැස් කළහ.
මෙහිදී සිම්මබාවේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලකුණු 174ක ඉලක්කයක් හිමිවිය.
-------------------------------------------------
ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තියුණු තරගයේ නවතම තත්ත්වය මෙන්න.. (PHOTOS/LIVE/UPDATE)
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය මේ වනවිට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේ ය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 12කදී කඩුලු 4ක් දැවී ලකුණු 70ක් ලබාගෙන සිටියි.
-------------------------------------------------
අද මැච් එකේ කාසියේ වාසිය තීරණය වෙයි.. සජීවීව නරඹන්න දැන්ම මෙතනින් පිවිසෙන්න.. (LIVE)
තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ 20-20 ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනා ගැනිමට අද (16) සිම්බාබ්වෙ කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමට ඔවුන් තීරණය කළේ ය.
කෙසේ වෙතත්, අද තරගයට නුවන් තුෂාර වෙනුවට ඩිල්ෂාන් මධුසංඛ කැඳවා තිබෙනවා.
සජීවීව නරඹන්න පහතින් පිවිසෙන්න.
.
















