ඇමෙරිකාව කැළඹූ ටොනේඩෝ සුළි කුණාටුව - 20ක් මරුට

Report

දකුණු අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට ටොනේඩෝ (Tornado) සුළි කුණාටු තත්ත්වයක් දකුණු අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට ටොනේඩෝ (Tornado) සුළි කුණාටු තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම කුණාටු හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බටලන්ද ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

බටලන්ද ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

මිසූරි ප්‍රාන්තයේ පමණක් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ වන විට ඇරකැන්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති අතර, එයට හේතුව වී ඇත්තේ එම ප්‍රාන්තයේ කුණාටු හේතුවෙන් තිදෙනෙකු මිය යාම සහ 29 දෙනෙකු තුවාල ලැබීමයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය රටපුරා වෘත්තීය ක්‍රියාමාර්ගයකට!

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය රටපුරා වෘත්තීය ක්‍රියාමාර්ගයකට!

ටෙක්සාස්, මිසූරි, සහ ඉලිනොයිස් ඇතුළු අමෙරිකාවේ ප්‍රාන්ත හයක් පුරා නිවාස ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට (240,000කට වැඩි) විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගස් කඩා වැටීම් සහ විදුලි රැහැන් ගැලවී යාම හේතුවෙන් ගොඩනැගිලිවලට ද හානි සිදුව ඇති බවට තවදුරට වාර්තා වේ.