සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය රටපුරා වෘත්තීය ක්‍රියාමාර්ගයකට!
අයවැය යෝජනා හරහා තම දීමනා කප්පාදුවට විසඳුම් ලබාදීම සඳහා ආණ්ඩුවෙන් ධනාත්මක ප්‍රතිචාර නොලැබුණහොත්, ලබන 18 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.
ඒ අනුව, එදින පෙරවරු 8.00 සිට පැය 24ක සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සහභාගී වීමට සැලසුම් කර ඇති බව එම සම්මේලනයේ සාමාජික රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.
කෙසේ වුවත්, ගැටලු නිරාකරණය සඳහා ආණ්ඩුවට සාධාරණ කාලයක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා අවධාරණය කළේය.